දින අටකදී මරණ 1000 පනී, රට වසා දමන්නැයි ජනපතිට සැර ලිපියක් (VIDEO)
Sri lanka
Channa jayasumana
By Sithumi
කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා රට වසා දැමිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දුන් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.
පසුගිය 11 වන දා මෙම තීරණය ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම් දැන්වූයේ යයි එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.
සෞඛ්‍ය අමාත්‍යවරියටත්, සෞඛ්‍ය ලේකම්වරයාටත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් මේ බව දැනුම් දුන් බව ද ඇය සඳහන් කළාය. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |