ජනතා විරෝධය මැද වුවත් රට ලොක්ඩවුන් කිරීමට අවධානය!!!දැඩිසත්කාර ඒකක පිරී යයි..
Lock down
World
Covid Case
Corona viruses
Jerman
By Aruna
ජනතා විරෝධය එල්ල වුවද පවතින බරපතළ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඉදිරියේදී රට අගුලූ දැමීමට සිදු විය හැකි බව ජර්මන් සෞඛ්‍ය ඇමැති ජෙන්ස් ස්පාන් පවසා තිබෙනවා.
ජර්මනියේ කොරෝනා වසංගතයේ පැතිරීම ඉකුත් සතියේදී පෙර සතියට වඩා බෙහෙවින් වැඩි වී ඇති බවද ඔහු පවසා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
මේ වන විට ජර්මනියෙන් දිනකට කොරෝනා ආසාදිතයන් 50,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතින අතර ජනගහනයෙන් ලක්ෂයකට ආසාදිතයන් 500 දෙනකු වාර්තා වන බව අනාවරණය වී ඇති බවත් සඳහන් .
මේ වන විට ආසාදිතයන්ගෙන් ජර්මනියේ රෝහල් දැඩි සත්කාර ඒකක ඇඳන් පිරී ඉතිරී යන තත්ත්වයක් උද්ගතව ඇති බවද වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |