සජබ බලය ගන්නා පළාත් පාලන ආයතනවලට රජයේ මුදල් ඕන නෑ – රාධාක්‍රිෂ්ණන්
ජාතික ජන බලවේගයේ සභාවක් ඇති පළාත් පාලන ආයතනවලට පමණක් සංවර්ධන කටයුතු සදහා ප්‍රතිපාදන වෙන් කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇති බවත්, පළාත් පාලන ආයතන වල මුදල් ප්‍රතිපාදන අවශ්‍ය පරිදි තිබෙන නිසා සමගි ජන බලවේගයේ බලයේ පිහිටුවන පළාත් පාලන ආයතනවලට රජයේ ප්‍රතිපාදන අවශ්‍ය නොවන බව කදුරට ජනතා පෙරමුණේ නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. වී.රාධාක්‍රිෂ්ණන් (සජබ) පැවසීය.
රාධාක්‍රිෂ්ණන් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් දික්ඔය නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා හැටන් ක්‍රිෂ්ණභවන් උත්සව ශාලාවේ පැවති රැස්වීමේදීය. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ වී.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ ජනධිපතිවරයා සහ වත්මන් රජය බලයට පත් වෙන්න පොරොන්දු ගණනාවක් ලබා දුන් බවයි.
එම පොරොන්දු මෙතෙක් ඉටු කර නැති බවත්, එම පොරොන්දු ඉටු කිරිමට රජය සතුව මුදල් නොමැති බවයි. කොළඹ මහ නගර සභාවට බස්නාහිර පළාත් සභාවට වඩා මුදල් සහ බලය ඇති බවත්, ඒ අනුව සමගි ජන බලවේගය බලය ලබා ගන්නා සෑම පළාත් පාලන ආයතනයකට අවශ්‍ය ප්‍රතිපාදන සමගි ජන බලවේගයේ පිහිටවනු ලබන පාලන අධිකාරිය මගින් සොයා ගන්නා බවයි.
