විජයදාස රාජපක්ෂ හා කාදිනල් හිමි අතර හමුවක්...
By Parami Dissanayake
අද (23) පස්වරුවේ දී ජනාධිපති අපේක්ෂක ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා බොරැල්ලේ අගරදගුරු නිවසට පැමිණ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් බැහැදැක ඇත.
එහිදී ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අතර දීර්ඝ වේලාවක් සාකච්ඡාවක් පැවැත්වී තිබෙනවා.