දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන් කොළඹට
Election Commission of Sri Lanka
Local government Election
By Shehan
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරු අද (08) කොළඹට කැදවා තිබෙනවා.
මැතිවරණ කොමිසම් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව කරුණු විමසීම් කරුණු සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාර ගැනීම මේ මස 17 වැනිදා ආරම්භ වන අතර එය 20 වැනිදා මධ්‍යහන 12ට අවසන් වනු ඇති.
මේ වන විට පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ 10කින් සහ ස්වාධීන කණ්ඩායම් 38කින්, පළාත් පාලන ආයතන 88ක් සදහා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
