ණය සහ ලීසිං ගත්ත අයට විශේෂ දැනුම් දීමක්.

Covid Sri Lanka Leasing Loan
By Aruna Jun 11, 2021 03:43 AM GMT
Aruna

Aruna

Report

 කොවිඩ් වසංගතයේ බලපෑමට ලක් වූ පුද්ගලයින් හා ව්‍යාපාර වෙත ලබාදෙන ලිසිං සහ ණය සහන දීර්ඝ කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙත දැනුම්දී තිබේ.

කොවිඩ් තෙවැනි රැල්ලේ බලපෑමට ලක්වූ පුද්ගලයින් හා ව්‍යාපාර තමන්ට සහන සලසන මෙන් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව මහ බැංකුව ප්‍රකාශ කරයි.

මෙම සහන සඳහා සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන් ඊට අදාළ අයදුම්පත් 2021 ජූලි 15 වැනිදා හෝ ඊට පෙර අදාළ සමාගම් වෙත යැවිය යුතුය.

ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙත ජුනි 09 වැනිදා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් උපදෙස් ලබාදී තිබේ.

කොවිඩ් තෙවැනි රැල්ලෙන් පීඩාවට පත් පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා ණය හෝ ලිසිං පහසුකමට අදාළ ප්‍රාග්ධනයට සහ පොලියට මෙන්ම එම අවශ්‍යතා දෙකම වෙනුවෙන්ම සහන ලබාදිය යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන් වේ.

2021 අගෝස්තු 31 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම සහනය ලබාදෙන ලෙසද ඉන් උපදෙස් ලබාදී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now