කොටි සමරා අත්තඩංගුවට ගත් පුද්ගලයාට සිදු වුණ දේ

Politics Sri lanka
By Sithumi Sep 23, 2021 04:04 PM GMT
Sithumi

Sithumi

Report

යාපනය නල්ලුර්තිහි පිහිටි හිටපු කොටි නායකයෙකුවූ තිලීපන් ස්මාරකයට උපහාර පිදීම සදහා සම්බන්ධ වු චෝදනාව මත අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රීක් පාරිලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු තිදෙනකු අද(23) සවස අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් ඇපමත මුදාහැර ඇත.

පවතින කොරෝණා අවදානම හේතුවෙන් පනවා ඇති නිරෝධායන ඇදිරිනීති කඩ කරමින් අදාල මන්ත්‍රීවරයා ඇතුලු මෙම පිරිස රැස්ව තිලිපන් සැමරීම සදහා සම්බන්ධවී ඇති අතර එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියටද බාධා එල්ල වීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය. 

හිටපු කොටි නායක තිලීපන් නැමැත්තාගේ 34 වන සැමරුම වෙනුවෙන් ඔහුගේ ස්මාර්කය තිබූ ස්ථානයේ මෙම සැමරුම් උත්සවය සංවිධානය කොට තිබූ අතර එම ස්තානයට පැමිණි පොලිස නිළධාරින් විසින් උත්සව අවස්ථා සිදු නොකරන ලෙසට අධිකරණ තහනම් නියෝගයක් පනවා ඇති බව ප්‍රකාශ කළද මන්ත්‍රීවරයා ඇතුළු පිරිස බලහත්කාරයෙන් සැමරුම් උත්සවය පැවැත්වීම සදහා කටයුතු කළ අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. 

 ත්‍යාගදීපන් තිලීපන් නැමැත්තා 1987 වසරේ සැප්තැම්බර් මස 15 දින මාරාන්තික උපවාසයක් ඉල්ලිම් කීපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ අතර සැප්තැම්බර් 26 වන දින ජීවිතක්ෂයට පත්විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now