ලොක්ඩවුන් සමයේ පැවති සාදයක වීඩියෝවක් එළියට එයි..(VIDEO)

COVID-19
By Sewvandhi Jun 18, 2023 10:46 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ද මිරර් වෙබ් අඩවිය විසින්,කොවිඩ් - 19 වයිරසය ව්‍යාප්තව පැවති සමයේ කන්සවේටිව් පක්ෂ මූලස්ථානයේ පැවති සාදයේ වීඩියෝව නිකුත් කර තිබේ.

බ්‍රිතාන්‍යයේ සමාජ දුරස්ථභාවය සම්බන්ධව දැඩි නීති ක්‍රියාත්මක වූ සමයේ දී කන්සවේටිව් පක්ෂ කාර්ය මණ්ඩලය මෙම සාදය පවත්වා තිබේ.

මේ සම්බන්ධයෙන් පසුගිය වසරේ දී විමර්ශනයක් ක්‍රියාත්මක වුව ද ඒ සම්බන්ධයෙන් කිසිවෙකුටත් දඬුවම් හිමි වූයේ නැහැ.

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස්ට ද කොවිඩ් සීමා දැඩිව ක්‍රියාත්මක වූ සමයේ අගමැති නිල නිවසේ සාද පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණි.

එලෙස නිකුත් වූ වීඩියෝව පහතින්...