"කෝ මනුස්සකම..? කරුණාකරලා මේක නතර කරන්න.." රංගන ශිල්පී මිහිරගෙන් සැර ප්‍රකාශයක් (VIDEO)

ACTER SARATH CHANDARSIRI SISISRA SIRITHILAKA LIVE STREAM DHAYAN VITHARANA
By Sewvandhi Nov 13, 2021 09:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රවීණ රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි මියගිය බවට වන අසත්‍ය පුවතක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. කෙසේ වෙතත් එම පුවත සාවද්‍ය බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර, සරත් චන්ද්‍රසිරි ගැන ව්‍යාජ පුවත් ප්‍රචාරය නොකරන ලෙස ඉල්ලමින්, රංගන ශිල්පි මිහිර සිරිතිලක ද ලයිව් වීඩියෝවක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබෙනවා.


එමෙන්ම ඡායාරූප ශිල්පී දයාන් විතාරණ ද ඡායාරූප පෙළක් එක් කරමින්, සරත් චන්ද්‍රසිරි වෙනුවෙන් ඉක්මන් සුව ප්‍රාර්ථනා කර තිබුණා.

සරත් චන්ද්‍රසිරි පිළිබඳ පැතිරෙන අසත්‍ය තොරතුරුවලට මුලා නොවන්න ........................................... අපට සිටින කුසලතාපූර්ණ චරිතාංග රංගන ශිල්පියෙක් වන සරත් චන්ද්‍රසිරි අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු මියගිය බවට පැතිරෙන අසත්‍ය කටකතා පිළිගනිමින් හෝ ඒවා සංසරණය කිරීම සඳහා සහය නොවන ලෙස ඔබෙන් ඉල්ලමි. බොහෝමයක් කලාකරුවන් හට සිදුකළ පරිද්දෙන්ම සරත් හට ද මෙසේ සිදුකිරීම ඉතා පිළිකුලෙන් හෙළා දකිනා අතර ඔහුගේ සෙත් සුව කඩිනමින් පැතීම මේ මොහොතේ අවශ්‍යම ක්‍රියාවයි. තම සමාජ මාධ්‍ය ගිණුම් වෙත අවධානය ගැනීම උදෙසා මෙවැනි පවිටු ක්‍රියාවන්ට මුල පිරීම නොකරන ලෙසින් මා එසේ සිදුකරන සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නෙමි. එනිසාම කාටත්, හිතැති ආදරණීය සරත් හට තෙරුවන් සරණින් කඩිනම් පූර්ණ සුවයම අත්වේවායි පතමි !!!


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


ReeCha