අවුරුදු 10ක දැරිය කෙලෙසූ 82 සීයා මාට්ටු වුණු හැටි මෙන්න.
දස වියැති බාලවයස්කාර මිනිපිරිය කෙලෙසූ 82 හැවිරිදි සීයා බරපතළ වැඩ සහිත වසර 15ක සිර දඬුවමකට යටත් කිරීමට මධ්‍යම පළාත්බද මාතලේ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
පූර්වගාමී මහාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර විසින් 13දා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශිෂ්ට සමාජය විසින් නොකළ යුතු වරදක් කර අංක 06 යටතේ පනවා ඇති අධි චෝදනාවට සැකකරු වරදකරු බවට ඔප්පුවී ඇති බැවින් සැකකරුගේ වයස සැලකිල්ලට ගෙන අවම දඬුවම ලෙසට වසර 15ක සිර දඬුවමට යටත් කිරීමේ නියෝගය කළා.
වරදකරු දඹුල්ල යාපාගම පදිංචි හෙට්ටිආරච්චිලාගේ ඩේවිට් හෙට්ටිආරච්චි නමැත්තෙක්.
තම දියණියගේ දරුවා රැකවරණය ලබාදීමේ අරමුණ ඇතිව සන්තකයේ තබා ගනිමින් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් සිදුකර ඇති බව සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන බව මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ රජයේ අධිනීතිඥ කළණ කොතලාවල අධිකරණය හමුවේ පෙන්වා දුන් අතර රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා විසින් මේ දක්වා පැමිණිල්ල මෙහෙයවා තිබෙනවා.
සිර දඬුවමට අමතරව රුපියල් දස දහසක දඩයක් සහ වින්දිත දැරියට රුපියල් 50,000ක වන්දියක් ගෙවන ලෙසට නියෝග කළ මහාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර රුපියල් දස දහසක දඩය නොගෙවන්නේ නම් මාස 06ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් හා වින්දිත දැරියට රුපියල් 50,000ක වන්දිය නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත වසරක සිර දඬුවමක්ද නියම කළා.
දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ...
තරු with ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සිකුරාදාවක්ම සවස 4.00 ට අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න |