ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් සමාගමෙන් දැනුම්දීමක්.

Sri Lanka Litro Gas Litro Gas Price Economy of Sri Lanka
By krishani Sep 01, 2023 02:10 PM GMT
krishani

krishani

Report

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ ය.

මෙම මිල සංශෝධනය මිල සූත්‍රයට අනුව සිදුකරන බව එම සාමාගම පැවසීය.

ඒ අනුව එළඹෙන සඳුදා (04) දින මෙම සංශෝධනය සිදුකරනු ඇත.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් මේ වසරේ මේ දක්වා අඛණ්ඩව මිල සංශෝධනය කිරීම් හතරක් ප්‍රකාශයට පත් කළේ ය.

කෙසේ වෙතත්, පසුගිය මාසයේ මිල සංශෝධනයෙන් පසුව කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රු. 2,892 ක් වූ අතර කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රු. 1,198 ක් විය.

ReeCha