මත්පැන් අලෙවිසැල් විවෘතද? – සුරාබදු කොමසාරිගෙන් පිළිතුරු

By Sewvandhi Dec 13, 2021 09:15 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නත්තල් දිනයේදී සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් ගිමන් හල් සහ හෝටල්වල මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අවසරයක් ලබා දී නොමැති බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසනවා. එසේම එදිනට මත්පැන් අලෙවිසැල් ද වසා තැබිය යුතු බවයි ඔහු පැවසුවේ. ඊයේ (12) පැවති දේව මෙහෙයකට එක්වෙමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW