ගෑස් හිඟයට ලිට්‍රෝ එකෙන් ක්ෂණික විසඳුමක් - දවසට ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළෙඳපොළට

By Kanchana Nov 04, 2026 03:52 AM GMT
Report

දිවයින පුරා පවතින ගෘහස්ථ ගෑස් හිඟය සමනය කර සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව, දෛනිකව ගෑස් සිලින්ඩර් 80,000ක පමණ ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සමාගම පියවර ගෙන ඇත. ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරන්නේ, පසුගිය ඔක්තෝබර් 18 වැනිදා සිට නොවැම්බර් 1 වැනිදා දක්වා කාලය තුළ ගෑස් මෙට්‍රික් ටොන් 15,600ක් රැගත් නෞකා හතරක් මෙරටට පැමිණ ඇති බවයි.

එම නෞකා මගින් රැගෙන ආ ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමත් සමඟ ඉදිරි දින දෙක ඇතුළත දැනට පවතින ගෑස් හිඟය සැලකිය යුතු මට්ටමකින් පහව යනු ඇතැයි සමාගම අපේක්ෂා කරයි.

එමෙන්ම, නොවැම්බර් මාසය තුළ ගෘහස්ථ සහ වාණිජ පාරිභෝගිකයින් සඳහා ගෑස් සිලින්ඩර් මිලියන තුනක පමණ ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කිරීමේ හැකියාව පවතින බව ද ලිට්‍රෝ සමාගම පෙන්වා දෙයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ මාසික ගෑස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 38,000ක් පමණ වන අතර, ඉන් මෙට්‍රික් ටොන් 32,000ක පමණ ප්‍රමාණයක් ලිට්‍රෝ ගෑස් මගින් ද, ඉතිරි මෙට්‍රික් ටොන් 6,000ක ප්‍රමාණය අනෙකුත් සැපයුම්කරුවන් මගින් ද සපුරාලනු ලබයි.

මේ අතර, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විදේශ විනිමය අනුපාත සම්බන්ධයෙන් පවතින අභියෝගකාරී තත්ත්වයන් හමුවේ වුවද, නොවැම්බර් මාසය සඳහා ගෑස් මිල ඉහළ නොදැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබීම ද විශේෂත්වයකි.

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

LAUGFS ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක් - ලාෆ්ස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

LAUGFS ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක් - ලාෆ්ස් සමාගමෙන් විශේෂ නිවේදනයක්