ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය පසුපසට? - ඩිමොක්රටික්වරු සෙනෙට් ආසන 45ක් දිනාගනී
ඇමෙරිකා එක්සත් ජනපදයේ 2026 මධ්‍යවාර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින අතර, මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති මුල් ප්‍රතිඵල අනුව ඩිමොක්රටික් පක්ෂය ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂය සහ ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂය අතර පැවැත්වෙන මෙම මැතිවරණයේදී ඇමෙරිකානු කොංග්‍රසයේ ප්‍රධාන ආයතන දෙක වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සිදු කෙරේ.
දැනට ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිඵල සංඛ්‍යාලේඛනවලට අනුව, සෙනෙට් සභාවේ ආසන බෙදීයාමේදී ඩිමොක්රටික් පක්ෂය ආසන 45ක් ද, රිපබ්ලිකන් පක්ෂය ආසන 36ක් ද හිමිකරගෙන ඇති බව වාර්තා වේ. මේ අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ලබා ගැනීම සඳහා පක්ෂයක් විසින් ආසන 218ක් හිමිකර ගත යුතුය.
දැනට නිකුත් වී ඇති මුල් ප්‍රතිඵල අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 104ක් ඩිමොක්රටික් පක්ෂය විසින් ද, ආසන 61ක් රිපබ්ලිකන් පක්ෂය විසින් ද දිනාගෙන ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් අවසන් ආසන බෙදීයාම සහ කොංග්‍රසයේ බලය හිමිවන පාර්ශ්වය පිළිබඳ නිශ්චිත තීරණයක් ගැනීමට නිල අවසන් ප්‍රතිඵල නිකුත් වන තෙක් බලා සිටීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.