අය වැය අනුව මත්පැන් මිල ඉහළ යන ආකාරය..මිල ගනන් මෙන්න..
By Sewvandhi
ඊයේ පැවති අය වැයෙන් පසු ව සුරාබදු මිල ගණන් සංශෝධනය වී තිබෙනවා.
ඒ අනුව දේශීය අරක්කු මිලි ලීටර් 750 බෝතලයක මිල රුපියල් 96කින් හා
සෙසු දේශීය අරක්කු බෝතලයක මිල රුපියල් 103කින් ද ඉහළ ගොස් තිබෙනවා.
විදේශීය මත් පැන් මිලි ලීටර් 750ක බෝතලයක් රුපියල් 126කින් ද වැඩි වූ බවයි වාර්තා වෙන්නේ.
සෙසු මත්පැන්වල මිල ගණන් වැඩි වී ඇත්තේ මෙසේයි.
වයින් මිලි ලීටර් 750 රුපියල් 14කින්.
බියර් මිලි ලීටර් 350 (5%ට අඩු) රුපියල් 3කින්.
බියර් මිලි ලීටර් 350 (5%ට වැඩි) රුපියල් 15කින්.ඉහළ දමන බව සුරා බදු දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |