හිඟ මුදල් නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් 9ක් ගැන දැඩි තීරණයක. - එම සමාගම් ලැයිස්තුව මෙන්න.
සුරාබදු මුදල් නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් 9කට කඩිනමින් හිඟ මුදල් ගෙවන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි සඳහන් කළේ, එම සමාගම්වලින් රුපියල් කෝටි 720 ක් ලැබීමට ඇති බවත්, එම හිග මුදල් කඩිනමින් අයකර ගැනීමට පියවර ගන්නා බවත්ය.
එමෙන්ම හිඟ මුදල් ගෙවා නොමැති සමාගම් දෙකකට නඩු පවරා ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මෙලෙස හිඟ බදු මුදල් 2023 ජූනි 15 ට පෙර ගෙවා නොමැති සමාගම් 9 වන්නේ.
ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම,
වයඹ ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම,
ග්ලෝබල් බ්ලෙන්ඩර්ස් ඇන්ඩ් බොට්ලර්ස් පුද්ගලික සමාගම,
මැක්ලම් බෲවිං සමාගම,
කළුතර ඩිස්ටිලරීස් සමාගම,
ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් කෝපරේෂන් පුද්ගලික සමාගම,
සිනර්ජි ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම,
රන්දෙනිගල ඩිස්ටිලරීස් ලංකා සමාගම,
හිඟුරාන ඩිස්ටිලරිස් පුද්ගලික සමාගම,
රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම යන මත්පැන් නිෂ්පාදන සමාගම්ය.
කෙසේ වෙතත් ෆින්ලන්ඩ් ඩිස්ටලරීස් සමාගම 2023 දෙසැම්බර් වන විට හිඟ බදු මුදල වන රුපියල් 57 512 910.90 ක මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, අනුව ඊට අදාළ කුවින්තාසියද සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සමාගමට ලබාදී තිබෙනවා.
Sponsored By Sarrita Jewellery
