තායිවානයේ බිහිසුණු ගුවන් අනතුරක් - හදිසියේ යානය කඩා වැටීමෙන් නියමුවන් දෙදෙනාම ජීවිතක්ෂයට
අද(02) දින දකුණු තායිවානයේ සිමියුලේටඩ් එන්ජින් අක්‍රිය අභ්‍යාසයක් අතරතුර දී එක් ගුවන් යානයක් කඩා වැටීමෙන් යානයේ සිටි නියමුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ සමඟ තායිවාන ගුවන් හමුදාව T-34 ගුවන් යානාවල පුහුණු ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සඳහන්.
එසේම දිවයිනේ දකුණු වරාය නගරයක් වන කාඕසියුං හි ගංෂාන් ගුවන් කඳවුරේ ධාවන පථයේ උතුරු කෙළවරේදී අද දින උදෑසන 8.08 ට පමණ මෙම තනි එන්ජිමක් සහිත ප්‍රචාලක ගුවන් යානය කඩා වැටුණු බව ගුවන් හමුදාව සඳහන් කරයි.
මැද පෙරදිග නොනවතින යුද උණුසුම තවමත් - යුක්රේනය පුරා නගරවලට එල්ල වූ දැවැන්ත රුසියානු ප්‍රහාරයකින් පුද්ගලයින් නව දෙනෙකු මිය යයි
ගුවන්ගත වී මිනිත්තු 20 කට පමණ පසුව සිදුව ඇති මෙම අනතුරට හේතුව සොයා බැලීම වෙනුවෙන් කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති අතර ගුවන් හමුදාවේ පරීක්ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් චියැං යී-චෙන්ග් සඳහන් කර ඇත්තේ, ලුතිනන් කර්නල්වරුන් දෙදෙනාම වයස අවුරුදු 41 සහ 45 යන වයස්වල පසුවන නියමුවන් බවයි.
එසේම අනතුරට පෙර මොහොතේ ගුවන් යානයේ කිසිදු ගැටළුවක් වාර්තා කර නොමැති බව ද සඳහන්.