නාමල්ගෙන් කථානායකට ඉල්ලීම් ලිපියක්...පත්කළහොත් සහාය දක්වන්න කැමති කියලත්..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට තුළ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා ඇත.
එමෙන්ම, ඒවායේ අරමුදල් සහ විනිවිදභාවය පිළිබඳ ගැටළු මතුවී ඇති බව ද පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් මෙම ඉල්ලීම කළේය.
![පරස්තාව නම් හරි දැන්..දුක් වේවි හිටපු කාලය ඉවරයි.. අලුතින් විවාහ වුණු අයට මෙන්න සුබම සුබ ආරංචියක්...](https://cdn.ibcstack.com/article/b7f26fc6-fe94-4605-b820-5d9ac3c95304/25-67aacfbf638a8-sm.webp)
පරස්තාව නම් හරි දැන්..දුක් වේවි හිටපු කාලය ඉවරයි.. අලුතින් විවාහ වුණු අයට මෙන්න සුබම සුබ ආරංචියක්...
ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන නිසි ලියාපදිංචියකින් තොරව ක්‍රියාත්මක වන අතර හෙළිනොකළ විදේශ අරමුදල් ලබාගනිමින් සිටින බව ඔහු චෝදනා කරයි.
එම ප්‍රකාශයට අනුව, නාමල් රාජපක්ෂ මහතා ඊයේ කථානායකවරයාට ලිපියක් යවමින් කමිටුව පත්කිරීම යෝජනා කරමින්, එය පත්කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම කමිටුවට සහාය දක්වන බව සඳහන් කරයි.
මෙම සංවිධාන, යුද්ධයෙන් අනතුරුව නැවත පදිංචි කිරීම සහ දරිද්‍රතාවය පිටුදැකීම යන තේමාවලට මුවාවෙන් ක්‍රියාත්මක වුවද, ඒවායේ මූල්‍ය මූලාශ්‍ර සහ ක්‍රියාකාරකම් අපැහැදිලිව පවතින බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
“නමුත් වසර ගණනාවක් පුරා දේශීය ජනමාධ්‍ය වාර්තා මගින් මෙම රාජ්‍ය නොවන සංවිධාන සමහරක් ලියාපදිංචි නොවී ක්‍රියාත්මක වන බව පෙන්වාදී ඇති අතර, ඔවුන්ගේ අරමුදල් පැමිණෙන්නේ කොහෙන්ද යන්න පිළිබඳ කිසිදු ඉඟියක් ලබා දී නැත,” යැයි ඔහු සදහන් කර ඇත.
ශ්‍රී ලංකාව එවැනි අනතුරු ඇඟවීම් බැරෑරුම් ලෙස ගෙන ජාතික ස්ථාවරත්වය සඳහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද පවසයි.
“ඇමරිකානු රජය විසින් පැහැදිලිවම සැකයක් මතු කර ඇති විට, ශ්‍රී ලංකාව අනතුරු ඇඟවීම් පිළිබඳව විමර්ශනය කළයුතු අතර රටේ යහපත හා ස්ථාවරත්වය සඳහා පරීක්ෂණයක් පැවැත්විය යුතුය,” ඔහු වැඩි දුරටත් පවසයි.
You may like this video
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)