අසාධාරණයක් සම්බන්ධයෙන් ඩලස්ගෙන් අගමැතිට ලිපියක්..!
By Sewvandhi
නව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරු ව මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීමේ දී ජූලි 20 වැනි දින පැවති ජනාධිපතිවරණයේ දී තමාට සහාය දුන් මන්ත්‍රීවරුන්ට යම් අසාධාරණයක් සිදු වෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අගමැතිට ලිපියක් මඟින් සඳහන් කර තිබෙනවා.
එම මහජන නියෝජිතයන් නැවත මෙහෙයුම් කමිටු සඳහා පත් නොකිරීමට ආණ්ඩුව තුළ ඇති උනන්දුව පිළිබඳ තමා කනගාටු වන බවත් ඔහු එම ලිපියේ සඳහන් කරනවා. එම නියෝජිතයන් රජයේ වංචනික මෙන්ම අනීතික කටයුතු හෙළිදරව් කිරීම සඳහා කොන්දේසි විරහිත ව කැප වුණු අය බව යි ඩලස් අලහප්පෙරුම සඳහන් කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
