ඔබ මග බලා සිටි අස්වැසුම ගැන සුබ ආරංචිය මෙන්න

Report

 අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව අද බැංකුගත කරන බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සදහන් කර තිබේ .

මුදල්, ක්‍රමසම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන අමා­ත්‍යාං­ශය ප්‍රකාශ කරනු ලබන්නේ අස්වැ­සුම ප්‍රති­ලා­භීන්ගේ පළමු අදි­යරේ සහ දෙවැනි අදි­යරේ ජන­වාරි මස දීම­නාව ලෙස ප්‍රති­ලාභී පවුල් 1,664,038ක් වෙත රුපි­යල් මිලි­යන 13,469.85ක් සහ වැඩි­හිටි දීම­නාව ලෙස ප්‍රති­ලා­භීන් 686,623ක් අතරේ රුපි­යල් මිලි­යන 3433.11ක් බෙදා­දී­මට නිය­මිත බවයි.

අස්වැ­සුම පළමු අදි­යර සහ දෙවැනි අදි­ය­රට සුදු­සු­කම් ලැබූ ප්‍රති­ලා­භීන්ගේ ජන­වාරි මස දීම­නාව මෙන්ම එම අදි­යර දෙක­ටම අදාළ ජන­වාරි මස වැඩි­හිටි දීම­නාව අද දිනයේ එම ප්‍රති­ලා­භීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරී­මට කට­යුතු යොදා ඇත.

මගබලාගෙන හිටපු අස්වැසුම හා වැඩිහිටි දීමනාව පොතට වැටෙන දිනේ මෙන්න - බැංකු ගිණුමටම සල්ලි

මගබලාගෙන හිටපු අස්වැසුම හා වැඩිහිටි දීමනාව පොතට වැටෙන දිනේ මෙන්න - බැංකු ගිණුමටම සල්ලි

ඒ අනුව අස්වැ­සුම පළමු අදි­ය­රට අදා­ළව රුපි­යල් 11,234,713,750ක මුද­ලක් ප්‍රති­ලාභී පවුල් 1,415,584ක් අතරේ බෙදා­හ­රි­මින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර­කි­රී­මට නිය­මි­තව ඇත.

අස්වැ­සුම පළමු අදි­ය­රට අදාළ ජන­වාරි මස වැඩි­හිටි දීම­නාව ලෙස රුපි­යල් 3,092,200,000ක මුද­ලක් ප්‍රති­ලා­භීන් 618,440ක් අතරේ බෙදා­හැ­රී­මට නිය­මි­තය තවද අස්වැ­සුම දෙවැනි අදි­ය­රට අදාළ ජන­වාරි මස දීම­නාව ලෙස රුපි­යල් 2,235,137,500ක මුද­ලක් ප්‍රති­ලාභී පවුල් 248,454ක් අතරේ බෙදා­හ­රි­මින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර­කි­රී­මට කටයුතු කරනු ලබයි.

කටුනායක ගුවන්තොටේ අද සිට වෙනසක්

කටුනායක ගුවන්තොටේ අද සිට වෙනසක්

ඒ වගේම එම අමා­ත්‍යාං­ශය සඳ­හන් කරන්නේ අස්වැ­සුම දෙවැනි අදි­ය­රට අදාළ ජන­වාරි මස වැඩි­හිටි දීම­නාව ලෙස රුපි­යල් 340,915,000ක මුද­ලක් ප්‍රති­ලා­භීන් 68,183ක් අතරේ බෙදා­හ­රි­මින් ඔවුන්ගේ අස්වැ­සුම ගිණු­මට බැර­කි­රී­මට නිය­මිත බවයි  .

කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණය වෙත රැගෙන එයි

කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණය වෙත රැගෙන එයි