ලෝක ශූර තුන් ඉරියව් ක්‍රීඩකයෙක් සදහටම සමු ගෙන
ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක බර්නාඩ් ජුලියන් (Beard Julian) පසුගිය ඔක්තෝබර් 04 වන දින ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහි (Trinidad and Tobago) වෝල්සේන් හී දී මිය ගොස් ඇත.
ඔහු මියයන විට 75 වන වියේ දී පසු වූ බර්නාඩ් ජුලියන් 1975 සමාරම්භක ලෝක කුසලානය නියෝජනය කළ ක්‍රීඩකයෙක් විය.
එසේම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මඟින් 1975 සමාරම්භක ලෝක කුසලානය දිනා ගන්නා අවස්ථාවේ ඕස්ට්‍රේලියාවට විරුද්ධව ලෝඩ්ස් හි පැවති අවසන් තරගයේ දී බර්නාඩ් ජුලියන් නොදැවී ලකුණු 26ක් රැස් කරමින් ජය තහවුරු කිරීමට තීරණාත්මක දායකත්වයක් සපයා ඇත.
මේ අතර ඔහුගේ අභාවය සම්බන්ධයෙන් තම බලවත් ශෝකය ප්‍රකාශ කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය (West Indies Cricket Board) මඟින්, "ක්‍රිකට් පවුල හැඩගැස්වීමට ඔහු දුන් දායකත්වය අගය කළ යුතු බවත්, ඔහුගේ දායකත්වය සැමදා පවතිනු ඇති බවත්" ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ජුලියන් ක්‍රීඩා කළ කාලයේ වමතින් දෝලන සහිත වේග පන්දු යවන්නෙකු (left-arm swing bowler) සහ දක්ෂ දකුණත් පිතිකරුවෙකු වශයෙන් ද ප්‍රසිද්ධියට පත් ව සිටියා.
මේ අතර බර්නාඩ් ජුලියන් ටෙස්ට් තරග 24ක් සහ එක්දින ජාත්‍යන්තර (ODI) තරග 12ක් වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, ටෙස්ට් තරගවල දී ලකුණු 866ක් සහ කඩුලු 50ක් ද දවා ගෙන ඇති බව වාර්තා වේ.