උඩු මහලින් වැටී හිමි නමක් අපවත් වෙයි
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි හිමිනමක විශ්වවිද්‍යාලයේ නේවාසිකාගරයක දෙවන මහලින් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය අපවත් වී ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අවසනාවන්ත ලෙස අපවත් වී ඇත්තේ ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවිදිව සිටි දෙහිඅත්තකණ්ඩියේ සුමංගල නැමැති 24 හැවිරිදි හිමිනමකි.
උන්වහන්සේ ඉකුත් 26 දින අලුයම 2.30ට පමණ භික්ෂු නේවාසිකාගාරයේ දෙවන මහලින් ඇද වැටීමෙන් පසු සිසුන් විසින් ම විශ්වවිද්‍යාලයට බාහිරින් ගෙන්වාගෙන ඇති ත්‍රීරෝද රථයකින් හෝමාගම රෝහලට ඇතුළත් කීරීමට උත්සාහය කොට පසුව එම ත්‍රීරෝද රථයයෙන්ම කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් හෝමගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය හෝමාගම ධම්මානන්ද හිමියන්ගෙන් කළ විමසීමකදී මෙසේ පැවසූහ.
අපි ඒ සම්බන්ධව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය විදිහට අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකළා. මුලින්ම අපිට කිව්වේ පඩි පෙළකින් ලිස්සලා වැටුනා කියල වුවත් පසුව අනාවරණය වුණා ගොඩනැගිල්ලකින් වැටිලා තියෙන්නෙ කියලා. අපි කරපු අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව ගෙන අදාළ අදාළ අංශවලට යොමු කර තිබෙනවා. මේ පිළිබඳව හෝමාගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.