අද සිට මෙන්න මේ රියදුරන්ට වැඩ වරදි - දැඩි නීතිමය ක්‍රියාමාර්ග..

Sri Lanka Police Sri Lanka Police Investigation Highways In Sri Lanka
By Sewvandhi Feb 05, 2024 02:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රවාහන හා මහාමර්ග අමාත්‍යාංශය පවසන්නේ, අවම වේගයට වඩා අඩු වේගයකින් අධිවේගී මාර්ගවල රිය ධාවන‍ය කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ දක්වා සිදු වී ඇති අධිවේගී මාර්ගවල සිදුවුණු අනතුරුවලට මුලික හේතුව වී ඇත්තේ නියමිත වේගයට වඩා අඩු වේගයකින් ගමන් කිරීම බව වාර්තා වී තිබෙනවා.

මේ සම්බන්ධව උපදෙස් මාලාවක් මේ සතිය ඇතුළත නිකුත් කරන බවයි, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂකවරයා පවසන්නේ.

මේ අතර, කොල්ලු‍පිටිය සහ කොම්පඤ්ඤවීදිය යන පොලිස් බල ප්‍රදේශවල මාර්ග කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ ජල නල එළීමක් හේතුවෙන් ය.

ඒ අනුව හෙට සිට තාවකාලිකව වසා දැමෙනු ඇත. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ උත්තරානන්ද මාවත, පෙරහර මාවත සහ නවම් මාවත යන මාර්ග අදියර 3ක් යටතේ තාවකාලිකව වසා තැබෙන බවයි.

ඒ අනුව උත්තරාන්නද මාවත, නවම් මාවත සිට දුම්රිය හරස් මාර්ගය දක්වා කොටස හෙට සිට 19 දින දක්වාත්, උත්තරානන්ද මාවත, පෙරහර මාවත සිට නවම් මාවත දක්වා කොටස ලබන 20 සිට මාර්තු 4 දක්වාත් වසා තැබෙනවා.

එමෙන්ම උත්තරාන්නද මාවත, පෙරහර මාවත, රොටුන්ඩාගාඩන් හන්දිය දක්වා කොටස ද මාර්තු 5 සිට මාර්තු 11 දක්වාත් තාවකාලිකව වසා තැබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ ය.

කෙසේ වෙතත්, අප ජලය මුදා හැරෙන නළ මාර්ගයක් කොළඹ වරාය නගරය දක්වා සම්බන්ධ කිරීම හේතුවෙන් මෙලෙස තාවකාලිකව එම මාර්ග වසා දැමීමට තීරණය කර ඇත්තේ.

Sponsored By Sarrita Jewellery

අද සිට මෙන්න මේ රියදුරන්ට වැඩ වරදි - දැඩි නීතිමය ක්‍රියාමාර්ග.. | Legal Action Against Speeding Drivers On Highways


ReeCha