පොරොන්දු ඉටු නොවුනොත් ළඟදිම අනුර ගෝ හෝම් එන්නත් බැරි නෑ, මරික්කාර්ගෙන් අනතුරු ඇඟවීමක්

Report

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් පවතින ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.

එහිදී මන්ත්‍රීවරයා විසින් ආණ්ඩුව සිස්ටම් චේන්ජ් කරනවා යැයි පැවසුවද මේ වන විටත් බලය ලබාගැනීම වෙනුවෙන් ඕනෑම කණ්ඩායමක් සමග එක්වෙන්න සූදානම් කියලා ඔප්පු කර ඇති බව පවසයි.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

එසේම බොහෝ තැන්වල රහස් ඡන්ද තැබීමෙන් මාලිමාව දිනුවද විවෘත ඡන්ද තැබූ තැන්වල විපක්ෂය ජය ගත් බවත් පවසයි. ඒ අනුව මෙය බලය ගැනීමට සිදුකරන ඩීල් එකක් බව ද ඔහු පවසයි.

ඔහු තවදුරටත් අදහස් දක්වමින් පවසා ඇත්තේ,

මාලිමා කොට්ටහච්චි එක්ක සජබේ මන්ත්‍රී තුන් දෙනෙක් ලිෆ්ට් එකේ හිර වෙයි

මාලිමා කොට්ටහච්චි එක්ක සජබේ මන්ත්‍රී තුන් දෙනෙක් ලිෆ්ට් එකේ හිර වෙයි

" ජනාධිපතිතුමා පත්වෙලා මාස නමයයි. ඔහුගේ ධුර කාලයෙන් සියයට පහළොවක් ඉවරයි. එතකොට පාර්ලිමේන්තුව පත්වෙලා මාස හතයි. ඒත් මදි කියනවනම් තව ටිකක් කල් දෙමු. ඒකනෙ ඒ මිනිස්සු බලාපොරොත්තු වුණේ. එතකොට බලන්න පුළුවන් ආදායම් මාර්ග වැඩිවෙනවද, රටේ ඩොලර් වැඩි වෙනවද, ආයෝජන එනවද, ණය ගෙවීමේ හැකියාව වර්ධනය වෙනවද, රැකියා අවස්ථා බිහිවෙනවාද, ඒ ටික බලාගන්න පුළුවන්. අවුරුද්දකට විතරක් අයවැය පරතරය රුපියල් මිලියන 2200ක්. මට මතක විදිහට ඩොලර් මිලියන හතයි දශම හයක් විතර ගන්න තියෙනවා මේ අවුරුද්දට විතරක් ණය අයවැය පරතරය පියවන්න. අපේක්ෂිත ආදායම් ඉලක්කවලට ගියේ නැත්නම් ඒක තව වැඩි වේවි. අවුරුදු හැත්තෑවක්ම ණය අරන් තියෙන්නෙ ඩොලර් බිලියන 90ක් ද කොහෙද, මේ අවුරුද්දට විතරක් මේ ආණ්ඩුව අරන් තියෙනවා ඩොලර් මිලියන හතයි දශම හයක්. ජනතාවට දුන්නු පොරොන්දු දිගින් දිගටම ඉටු නොවුනොත් බල පෙරළියක් වෙනවා. ඒක දේශපාලනයේදී ස්වභාවිකයි. හැබැයි ආණ්ඩුව කියනවා නම් තව කෙටි කාලයක් දෙන්න කියලා ඒක ජනතාවට ඉවසන්න පුලුවන්ද කියලා දන්නේ ජනතාව. ඒ අනුව හැමදේම තීරණය වෙයි. " යනුවෙන්.  

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්