මුම්බායි සිනමාවේ තරු බැබළීමක් අඳුරු වෙයි – ෂෙෆාලි ජරිවාලා අභාවප්‍රාප්තයි
By R.rishma
ඉන්දීය රංගන ශිල්පිනියක වන ෂෙෆාලි ජරිවාලා ඊයේ (27) මුම්බායිහිදී අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හෘදයාබාධයක් හේතුවෙන් ඇය මියගොස් ඇති බව වාර්තාවල සඳහන් වේ.
මිය යන විට ඇය 42 හැවිරිදි වියේ පසුවූවාය.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයව ඇගේ සැමියා විසින් රෝහල්ගත කර ඇති නමුත්, එම අවස්ථාවේදී ඇය දැනටමත් මියගොස් ඇති බව වෛද්‍යවරුන් පවසා ඇත.