ඊශ්‍රායල් වීසා ගැන විශේෂ තීරණයක්
By Hashini
මැදපෙරදිග කලාපයේ පවතී අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියාවල නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත් වීමේ වීසා සහිතව මෙරටට පැමිණ සිටින අයගේ re - entry වීසා වලංගු කාලය 31 වනදා දක්වා දීර්ඝ කිරීමට තිරණය කර තිබෙනවා.
එම තීරණය ගෙන ඇත්තේ එරට ජනගහන හා සංක්‍රමණ අධිකාරිය විසිනි.
ඊශ්‍රායලයට ජාත්‍යන්තර ගුවන් ගමන් මේ වන විට ආරම්භ කර ඇති බැවින් re - entry වීසා මත මෙරටට පැමිණි අයවලුන්ට re - entry වීසා කාලය අවසන් වුවත් 2025.07.31 දක්වා නැවත ඊශ්‍රායලයේ රැකියා සඳහා යොමු වීමට හැකියාව ලැබෙනු ඇති.