නුවරඑළියේ හදිසි වැටලීමක් – අපිරිසිදු වෙළඳසැල් වලට නීති ක්‍රියාමාර්ග

Report

එළබෙන නුවරඑළියේ වසන්ත සැණකෙළිය නිමිත්තෙන් පාරිභෝගිකයන්ට ගුණාත්මක සේවාවක් සැලසීමේ අරමුණින් නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සහ නුවරඑළිය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (09) දින නුවරඑළිය නගරයෙ වෙළඳසැල් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

නුවරඑළිය නගරයේ ආපනශාලා, තොග සහ සිල්ලර වෙළඳසැල්, බේකරි පරීක්ෂාවට ලක් කළා.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් - පාසල් වලට හා දෙමව්පියන්ගේ අවදානයට

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක් - පාසල් වලට හා දෙමව්පියන්ගේ අවදානයට

මෙහිදී පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම අපිරිසිදු ආකාරයෙන් වෙළඳසැල් පවත්වාගෙන යෑම, අපිරිසිදු ආකාරයේ ආපනශාලා පවත්වාගෙන යෑම, අපිරිසිදු ආකාරයේ ආහාර ද්‍රව්‍ය පිලියෙළ කිරිම සහ ආහාර ද්‍රව්‍ය වල ලේබල් නොමැතිව අලෙවි කිරීම යන චෝදනා යටතේ වෙළඳසැල් හිමියන් විශාල පිරිසකට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීම වැටලීමට එක් වූ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගත්තා.   

ඉරාන යුද්ධයේ මරණ සංඛ්‍යාව 3,000 ඉක්මවයි

ඉරාන යුද්ධයේ මරණ සංඛ්‍යාව 3,000 ඉක්මවයි