මුළු රටේම විශ්වවිද්‍යාලවල ආචාර්යවරු අද වැඩ වර්ජනයක්

Report

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වේ. ඒ විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීමට රජය මෙතෙක් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙනි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසන්නේ ඔවුන් වසරක් පුරා ආණ්ඩුව සමග විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටළු පිළිබද සාකච්ජා කළ බවත් ඒ කිසිදු ගැටළුවකට ආණ්ඩුව පිළිතුරු ලබා නොදුන් බවත් එය ඉතා බරපතළ තත්ත්වයක් බවයි.

ඒ පාර රාජ්‍ය විශ්වවිද්‍යාලත් කැලඹිලා වැඩවර්ජනයක් මෙන්න

ඒ පාර රාජ්‍ය විශ්වවිද්‍යාලත් කැලඹිලා වැඩවර්ජනයක් මෙන්න

එසේම ආචාර්‍යවරු 12000 ක් පමණ සේවයට අවශ්‍ය වුවත් දැනට සේවයේ නියුතුව සිටින්නේ 5000 ක් පමණ සීමිත ප්‍රමාණයක් බවත් පසුගිය වසර තුළදී පමණක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්‍යවරු 200 දෙනෙක් පමණ ඉවත්ව ගොස් ඇති බවත් ඔහු මෙහිදී වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වීමක් වුවත් ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතාවයක් පවතින බවත් ආචාර්‍ය්වරු හිඟය ආදී වූ මේ තත්ත්වයන් තුළ දරුවන්ට ලබාදෙන ගුණාතමක අධ්‍යාපනය බිඳ වැටෙන බවත් ජනාධිපතිතුමාගෙන් මේ පිළිබද සාකච්ඡාවක් ඉල්ලා ඇති බවත් ඔහු වැඩි දුරටත් සද‍හන් කළා.

කෙසේ වෙතත් දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල තුළ අධ්‍යයන කටයුතු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේදී ඇනහිටිනු ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්වරයා සද‍හන් කර තිබෙනවා.    

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

නීතිඥයන්ගේ මෝටර් රථ ස්ටිකර් ඉවත්කිරීමට බලපෑම් - නීතිඥ සංගමයේ දැඩි විරෝධය

නීතිඥයන්ගේ මෝටර් රථ ස්ටිකර් ඉවත්කිරීමට බලපෑම් - නීතිඥ සංගමයේ දැඩි විරෝධය