නීතීඥ නුවන් බෝපගේ භාරවෙයි..!

Sri Lanka SL Protest Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Nov 17, 2022 10:31 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළුවීමේ සිද්ධියට සැකකරුවෙකු ලෙස නම්කර සිටි නීතිඥ නුවන් බෝපගේ අද සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාරවී තිබෙනවා. 

 ජනාධිපති මන්දිරයට ඇතුළු වීමේ සිද්ධියේ 59 වන සැකකරු ලෙස මොහු නම්කිරීමටයි අධිකරණය පියවර ගෙන ඇත්තේ. 

 එහිදී නීතිඥ නුවන් බෝපගේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කර ඇති අතර මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහු රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදාහරින ලෙසටයි.

එමෙන්ම ලබන 19 වනදා කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha