සිනහව දවස් 11කට සම්පූර්ණයෙන් තහනම් කෙරේ..හේතුව මෙන්න.

Smile Southern Corina
By Aruna Dec 22, 2021 06:28 AM GMT
Aruna

Aruna

Report

දින 11ක කාලයක් තම රට වැසියන්ට සිනහ වීම පවා තහනම් කළ රටක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම රට වන්නේ කිම් ජෝන් අන් විසින් පාලනය කරන උතුරු කොරියාවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහුගේ පියා වන කිම් ඉල් සුන්ගේ ගුණානුස්මරණය සමරමින් මෙලෙස දින 11ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවය. දෙසැම්බර් මස 17 වනදා සිට මෙම ශෝක කාලය ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම කාලසීමාව තුළදී එරට වැසියන්ට මත්පැන් පානය කිරීම, සාප්පු සවාරිවල නිරත වීම තහනම් කර ඇත.

එසේම ශෝක කාලය තුළදී විනෝදාස්වාදය සපයන කටයුතුවල නිරත වීම හෝ කුමන හෝ සැමරීමක් කිරීම ද තහනම් කර ඇති බව වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now