පිළිකා ගැන නවතම අනාවරණය.

Report

සෞඛ්‍ය අංශ වයස අවුරුදු 45ත් සහ 65ත් අතර රැකියා වල නියුතු කාන්තාවන් පිළිකා රෝග වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් මතුව ඇති බව පෙන්වාදෙනු ලබනවා.

රැකියාවල නිරත කාන්තාවන් පරික්ෂණ සඳහා යොමුවීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

වාර්තාවන පිළිකා රෝගීන්ගෙන් 26ක්ම පියයුරු පිළිකා රෝගීන් බව සඳහන් වෙනවා.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉෂානි ප්‍රනාන්දු මහත්මිය මෙම අදහස් පළකළේ පියයුරු පිළිකා දැනුවත් කිරිමේ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.