ඉවත් කෙරුණු මිල්කෝ සභාපතිට ලැබුණු නව තනතුර මෙන්න
ඊට දින කිහිපයකට පෙර ඉවත්කරන්නට වුණු මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා අද දිනයේ දී ලංකා පොහොර සමාගමේ සභාපති ලෙස පත්කර ඇති බවවාර්තා වී තිබේ .
පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයට අනුබද්ධිත සමාගමක් වන මිල්කෝ පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා වැඩ බාර ගැනම අද (21) දින සිදුවිය.
ශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් මෙම කෙටි උත්සවය මිල්කෝ ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර මහතා සහ දුලිප් විජේසේකර මහතා, හිටපු පළාත් ඇමති කාංචන ජයරත්න මහතා, ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වරුණ සමරදිවාකර මහතා, මිල්කෝ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු එහි නිලධාරීන් සහ සේවක පිරිසක්ද, මිල්කෝ ආයතනයේ පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සාමාජිකයින් පිරිසක්ද සහභාගී වූහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |