රක්ෂිතයකින් මහා පරිමාණ මත් නිෂ්පාදනාගාරයක් අත්අඩංගුවට ?
කඹුරුපිටිය විල්පිට රක්ෂිතයේ මහා පරිමාණයේ පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා රුපියල් ලක්ෂ පහක් වටිනා මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවකු ඊයේ(22) දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු මිලි ලීටර් 22500 ක් ,ගෝඩා මිලි ලීටර් 1 55 000 ක්,යකඩ බැරල් හා ප්ලාස්ටික් බැරල් ඇතුළු පෙරණ උපකරණ තොගයක් තිබු බව දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක ධීර ගුණසේකර මහතා පවසයි
දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරුකට අනුව කළ මෙම වැටලීමේදී ,සැකකරු කාලයක් තිස්සේ විල්පිට රක්ෂිතයේ ඇලපාරවල් ජලමුලාශ විනාශ කරමින් ,වනාත්නර යේ ගස් වලට හානි සිදු කරමින් ම ත්පැන් නිෂ්පාදනයකර ඇතැයිද සොයා ගැනීමට හැකිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරියේදී මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දකුණු පලාත භාර සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් මත, දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක ධීර ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු පරීක්ෂක වරුන්වන චන්න කුමාර , ලක්ෂාන් පෙරේරා,සැරයන් වරුන්වන මලින්ද සදරාජ්,විරාජ් හේමපාල,කෝප්‍රල් මෙවන් ගමගේ,නියාමක වරුන්වන 1072 රජිත මිහිරංග,1073 රොහාන් බුද්ධික,රියදුරු සමන්ත යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

