සරසවි ප්‍රවේශ අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප්

Education Laptops
By Thaya Feb 10, 2021 05:31 PM GMT
Thaya

Thaya

Report

විශ්වවිද්‍යාල ප්‍රවේශ අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) ආරම්භ විය. ඒ ජනාධිපති කාර්යාලයේදීය. අධ්‍යාපන ක්‍රමය වර්තමාන අවශ්‍යතා අනුව ඩිජිටල්කරණය පිණිස ''සෞභාග්‍යෙය් දැක්මේ'' අපේක්ෂාව පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව,මහජන බැංකුවේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන සැලසුම් කර තිබේ. මහජන බැංකුව ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 03කි.

අන්තර්ජාල සබඳතාව ,මෘදුකාංග පැකේජය සහ වසර 04ක වගකීමක් සහිතව ලැප්ටොප් පරිගණක පිරිනැමෙන අතර පරිගණකයක වටිනාකම රැපියල් 80,000ක් වේ. රැකියාවක් ලැබීමෙන් පසු මුළු වටිනාකම වසර 06කින් ගෙවා නිම කිරීමට හැකිවන පරිදි ණය පිරිනැමෙයි. ශිෂ්‍ය කාලය තුළ මසකට ගෙවිය යුතු මුදල රුපියල් 500කි. 2021 වසර සඳහා විශ්ව විද්‍යාලයට පිවිසෙන නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 06 දෙනෙකුට වැඩසටහන සංකේතවත් කරමින් ලිපි භාරදීම ජනාධිපතිවරයා අතින් සිදුකෙරුණි

ReeCha