ඉස්සරහෙන් පොලිස් රැකවල් - පිටිපස්සෙන් ඇවිත් හොරකන් කරලා

Report

කඩවත, මැයි 28 කඩවත ප්‍රදේශයේ පිහිටි මහේස්ත්‍රාත්වරියකගේ පෞද්ගලික නිවසකට සොරෙකු පිවිසි ඇති අතර, බිම් මහලේ ඉදිරිපස කාමරයක සිට ලැප්ටොප් පරිගණකයක්, රන් මුද්දක් සහ රන් මාලයක් සොරකම් කරගෙන ගොස් ඇති බව කඩවත පොලීසිය පවසයි.

නිවස ආරක්ෂා කිරීම සඳහා කොස්තාපල්වරුන් දෙදෙනකු පත් කර තිබුණද, ඔවුන් ඒ මොහොතේ නිවස ඉදිරිපස ඇති මුරකුටියෙහි රාජකාරි නිරතව සිටි බව උසස් පොලිස් නිලධාරියෙක් පැහැදිලි කළේය.

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය

පොලිස් විමර්ශන අනුව, සැකකරු නිවස පිටුපස ඇති තාප්පයට ඉනිමගක් තබා මැයි 26 මධ්‍යම රාත්‍රිය සහ 27 අලුයම අතර කාලය තුළ ගෙවත්තට ඇතුළුවී ඇති බවට වාර්තා වෙයි.

පසුව, බිම් මහලේ මුළුතැන්ගෙයි ජනේලයක් ඔස්සේ ඇතුළු වී සොරකම සිදු කළ බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

සොරකම සිදු වූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරියත් ඇයගේ දියණියත් නිවසේ සිටි බවද පොලිසිය සදහන් කරයි.

අනුදි Miss World තරගාවලියේ අවසන් වටයට තේරී පත්වෙයි

අනුදි Miss World තරගාවලියේ අවසන් වටයට තේරී පත්වෙයි

දැනටමත් කැලණිය අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් සහ ඇඟිලි සලකුණු විශේෂඥයින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සැකකරු සොයා ගැනීම සඳහා පොලිස් සුනඛයකුගේ සහයද ලබා ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කඩවත පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරමින් පවතී.