නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් විමසිලිමත් වෙන්න

Report

 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කර  ඇත්තේ  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි .

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති කාලගුණ අනාවැකියට අනුව, ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් සඳහා වර්ෂාපතනය ලැබෙන බව දැනුම් දී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරනු ලබයි.

තවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී ඇත්තේ විශේෂයෙන්ම කඳු ආශ්‍රිත ප්‍රදේශවල සහ දිය පහරවල් දෙපස ජීවත් වන ජනතාව වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පරීක්ෂා කර, නායයෑම් අවදානමට ලක්විය හැකි බව හඳුනාගෙන තිබෙන නිවාස හා ප්‍රදේශ සඳහා දැනට ලබාදී ඇති උපදෙස්වලට අනුකූලව ක්‍රියාත්මක වන ලෙසද ඉල්ලා සිටියි.

ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

ඒ වගේම කඳු බෑවුම්වල, ගල් පෙරළීම් සිදුවිය හැකි ස්ථාන මෙන්ම නායයෑම් අවදානමක් පවතින ප්‍රදේශවල ජීවත් වන ජනතාව, සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙන තත්කාලීන නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්වලට අනුව ක්‍රියාත්මක වන ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

තවද, දැනටමත් නායයෑම් පූර්ව ලක්ෂණ පෙන්වන ස්ථාන, නැවත ලැබෙන සුළු වර්ෂාපතනයකදී වුවද ක්‍රියාකාරී වී නායයෑමක් සිදුවිය හැකි නිසා එවැනි ප්‍රදේශවල ජීවත් වන ජනතාව වර්ෂාපතනය වැඩිවන බව නිරීක්ෂණය වුවහොත් වහාම එම ස්ථානවලින් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ .

ආපදා අනතුරු ඇඟවීම් නොකළේ ඇයි? ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ආපදා අනතුරු ඇඟවීම් නොකළේ ඇයි? ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්