දිස්ත්‍රික්ක 8කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් - මේ ප්‍රදේශවල ජනතාවට විශේෂ දැනුම්දීමක්

Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීම අද (14) සවස 4.00 සිට හෙට (15) සවස 4.00 දක්වා පැය 24ක කාලයක් සඳහා බලපැවැත්වේ.

ඒ අනුව, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 2 (ඇම්බර්) යටතේ නිවේදන නිකුත් කර ඇත.

එමෙන්ම, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා අනතුරු ඇඟවීමේ මට්ටම 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබේ.

අධික වැසි හේතුවෙන් කඳුකර සහ බෑවුම් සහිත ප්‍රදේශවල නායයෑමේ අවදානම ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශවල පදිංචිකරුවන් දැඩි අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ අංශ දැනුම් දෙයි.

හදිසි අවදානම් තත්ත්වයක් ඇති වුවහොත් ආරක්ෂිත ස්ථාන වෙත යාමට සූදානමින් සිටින ලෙස ද ජනතාවට උපදෙස් දී තිබේ.

අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසි කරයි

අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසි කරයි

ශ්‍රී ලංකා පොලීසියෙන් විශේෂ ඉල්ලීමක් - අවනත නොවුණොත් නීතිය ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව දන්වයි

ශ්‍රී ලංකා පොලීසියෙන් විශේෂ ඉල්ලීමක් - අවනත නොවුණොත් නීතිය ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව දන්වයි