ශ්රී ලංකා පොලීසියෙන් විශේෂ ඉල්ලීමක් - අවනත නොවුණොත් නීතිය ඉදිරියට ගෙන ඒමට අවශ්ය සියලු පියවර ගන්නා බව දන්වයි
සමාජ මාධ්ය ඔස්සේ ඇතැම් පිරිස් අසත්යය කරුණු පැතිරවීම නිරන්තරයෙන් වාර්තා වන බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් ප්රකාශ කරයි.
එසේම පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කරන්නේ එමඟින් බොහෝ විට මහජන කැළඹීම්, මහජනතාව නොමඟ යැවීම් වැනි බිය පතුරවන අවස්ථා නිරීක්ෂණය වී ඇති බවයි.
මේ බව ඊයේ (13) දින මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත.
එහිදී මෙවැනි පළකිරීම් සඳහා ශ්රී ලංකා පොලිසිය දැඩි අවධානයෙන් සිටින බව සඳහන් කළ ඔහු, අසත්ය සහ තහවුරු නොකරන ලද තොරතුරු ප්රචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා.
එසේම පරිගණක අපරාධ පනත යටතේ සහ ලංකා දණ්ඩ නීති සංග්රහය යටතේ මෙවැනි වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට අවශ්ය සියලු පියවර ගන්නා බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.