හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දුට එරෙහි සතොස නඩුව තවත් දිග් ගැස්සෙයි - අද සාක්ෂි විභාගය නොපැවැත්වෙයි
වෙළෙඳ අමාත්යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින්, ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි යන චෝදනාව යටතේ හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු ඇතුලු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව එළඹෙන 28 වන දින නැවත කැඳවිමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් අද (14) දින නියෝග කර ඇත.
ඒ අනුව නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියේ වෙනත් නඩුවකට මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මොහොමඩ් සාකීර් යන විත්තිකරු අසනීප වි බන්ධනාගාර රෝහලේ සිටින බැවින් අද (14) දින මෙම සිද්ධියට අඳාළව විවෘත අධිකරණයේ පෙනී නොසිටින බවයි.
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග - රතු නිවේදන ලබා ගැනීමටත් වරෙන්තුවක්
එසේම සිද්ධියට අඳාළ සාක්ෂි විභාගය අද (14) දින අධිකරණයේ සිදු නොවුනු අතර වැඩිදුර සාක්ෂි විභාගයට ඉදිරි දිනයක් නියම කර ඇත.
අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර ඇත්තේ 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්යවරයා ලෙස කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්යානුකූල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ජෝන්ස්ටන් ප්රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්රනාන්දු සහ එහි ක්රියාකාරී අධ්යක්ෂකවරයෙකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිවයි.
මේ අතර හිටපු ඇමති ජෝන්ස්ටන් ප්රනාන්දු ඇතුලු විත්තිකරුවන් දෙදෙනා අද (14) දින විවෘත අධිකරණයේ පෙනී සිටියා.