කපිල චන්ද්‍රසේනගේ දුරකථන දත්ත විමර්ශනය ගැන අධිකරණය නොසතුටින් - පොලිස්පතිටත් දැනුම් දෙයි

Report

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ ජංගම දුරකථනයේ දත්ත ලබාගැනීමට සිදුකරන විමර්ශන පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දුන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ද දැනුම් දෙන බව ප්‍රකාශ කර තිබේ.

අදාළ මරණය සම්බන්ධ නඩුව අද (14) කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කළේය.

මරණකරුගේ ජංගම දුරකථනයේ දත්ත ලබාගැනීම සඳහා අධිකරණ අමාත්‍යාංශය හරහා අධිකරණ නියෝගය ඇපල් සමාගම වෙත යොමු කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබේ.

එහෙත් අදාළ දත්ත දින 90ක කාලයක් පමණක් රඳවා තබාගන්නා බව ඇපල් සමාගම දැනුම් දී ඇතැයි විමර්ශන නිලධාරීන් සඳහන් කර ඇත.

එම කාලය ලබන නොවැම්බර් 29 වැනිදා අවසන් වන බව ද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. එම දිනයෙන් පසු දුරකථනයේ දත්ත ද අහිමි වන්නේදැයි මහේස්ත්‍රාත්වරයා විමසූ අවස්ථාවේදී, ඒ සම්බන්ධයෙන් ඇපල් සමාගමට නැවත ඉල්ලීමක් කළ ද මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව විමර්ශන නිලධාරීන් පවසා තිබේ.

මෙවැනි වැදගත් දත්ත ලබාගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට හෝ නීතිපතිවරයාට මෙතෙක් දැනුම් නොදුන්නේ මන්දැයි මහේස්ත්‍රාත්වරයා එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ප්‍රශ්න කර ඇත.

අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසි කරයි

අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසි කරයි

ඒ අනුව, දුරකථන දත්ත ලබාගැනීම සඳහා ඇපල් සමාගමට ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබඳව වහාම පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට දැනුම් දී ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කර තිබේ.

ඖෂධ සම්බන්ධ රස පරීක්ෂක වාර්තාත් ප්‍රමාදයි මේ අතර, කපිල චන්ද්‍රසේනගේ මරණය සම්බන්ධයෙන් අවශ්‍ය රස පරීක්ෂක වාර්තා කිහිපයක් මෙතෙක් ලැබී නොමැති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.

ඔහු මියගිය ස්ථානයේ තිබී සොයාගත් ඖෂධ වර්ග හතරක් සම්බන්ධ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති අතර, අනෙකුත් වාර්තා ලැබී ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කර තිබේ.

මැයි 8 වැනිදා සිදුවූ මරණය සම්බන්ධයෙන් මාසයක් ඇතුළත සාක්ෂි විමසීම අවසන් කර තිබුණ ද, මේ වනතුරුත් අදාළ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමට නොහැකි වී ඇති බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත.

මෙම ක්‍රියාවලිය අධිකරණයට පමණක් සිදුකළ නොහැකි බව ද ඔහු සඳහන් කර තිබේ. ඖෂධ සම්බන්ධ රස පරීක්ෂක වාර්තා ලබාදීමට තවත් සති තුනක කාලයක් ගතවන බව අදාළ කාර්යාලය ඊයේ (13) තමන්ට දැනුම් දුන් බව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට ප්‍රකාශ කර ඇත.

“සෞදි රාජ්‍යයටත් අධිකරණයටත් ස්තුතියි” - අනෝජන්ගේ මරණ දඩුවම අහෝසී කරාට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

“සෞදි රාජ්‍යයටත් අධිකරණයටත් ස්තුතියි” - අනෝජන්ගේ මරණ දඩුවම අහෝසී කරාට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්