අනෝජන්ගේ මරණ දඬුවම අහෝසි වීම ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක නිල 'X' ගිණුමෙන් තැබූ විශේෂ සටහන මෙන්න

Report

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා වෙත පනවා තිබූ මරණ දඬුවම ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය ඉතා අගය කොට සලකන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කර ඇත.

ජනාධිපතිවරයා සිය නිල 'X' ගිණුමේ සටහනක් තබමින් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණයේ මෙම තීරණය අගය කරමින් මේ බව සදහන් කර තිබේ. මෙම තීරණය අනෝජන්ට, ඔහුගේ පවුලේ ඥාතීන්ට මෙන්ම මේ පිළිබඳ උනන්දුවෙන් පසුවූ සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම විශාල අස්වැසිල්ලක් සහ සහනයක් බවද ජනාධිපතිවරයා එහි දක්වා තිබේ.

ඒ වගේම ජනපතිවරයා පෙන්වා දුන්නේ මෙම යහපත් ප්‍රතිඵලය ලබාගැනීමට හැකිවූයේ මිත්‍රශීලී රාජ්‍යයක නීතිමය ක්‍රියාවලියට ගරුකරමින් සිදුකළ ඉවසිලිවන්ත රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සහ විදේශගත ශ්‍රී ලාංකිකයෙකු වෙනුවෙන් නොකඩවා පෙනී සිටි සියලු පාර්ශ්වයන්ගේ නොපසුබස්නා උත්සාහය නිසා බවයි .

මේ වෙනුවෙන් සහයෝගය දැක්වූ සෞදි අරාබි රජයට විශේෂ ස්තූතිය පිරිනමන අතර, මෙම නීතිමය ක්‍රියාවලිය සඳහා කැපවීමෙන් කටයුතු කළ දෙරටේම රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම නීති කණ්ඩායම් වෙතද ශ්‍රී ලංකා රජයේ ප්‍රණාමය හිමිවන බව ජනපතිවරයා සිය සටහනේ වැඩිදුරටත් ප්‍රකාශ කරයි .

අනෝජන්ට එරෙහිව පවතින ඉතිරි නීතිමය ක්‍රියාපටිපාටීන් සම්පූර්ණ වන තෙක් ඔහුට සහ ඔහුගේ පවුලේ අයට අවශ්‍ය සියලු සහයෝගය ඉදිරියටද ලබාදීමට රජය සූදානමින් සිටින බව ජනාධිපතිවරයා තව දුරටත් ප්‍රකාශ කරයි.

  වඩා හොඳ ජීවනෝපායක් සොයා විදේශගත වන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට තමන් තනිවී ඇතැයි යන හැඟීමක් ඇති නොවිය යුතු බවද අදාළ සටහනේ වැඩිදුරටත් සදහන් කරයි   .

ඥානසාර හිමියන්ගේ චීවරය ගැලවීමේ නඩුවෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු හදිසියේම ඉවත් වෙයි - ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කෙරෙයි

ඥානසාර හිමියන්ගේ චීවරය ගැලවීමේ නඩුවෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු හදිසියේම ඉවත් වෙයි - ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කෙරෙයි

WhatsApp එකෙන් එන 6-digit Code එක කාටවත් දෙන්න එපා - වෘත්තීය අධ්‍යාපන සාකච්ඡා අස්සේ ක්‍රියාත්මක වෙන අලුත්ම Scam එක මෙන්න

WhatsApp එකෙන් එන 6-digit Code එක කාටවත් දෙන්න එපා - වෘත්තීය අධ්‍යාපන සාකච්ඡා අස්සේ ක්‍රියාත්මක වෙන අලුත්ම Scam එක මෙන්න