විජේගේ ජනප්‍රිය අත් සංඥාව තමිල්නාඩු දේශපාලනයේ අලුත් ආන්දෝලනයක් ඇති කරයි

Report

තමිල්නාඩු දේශපාලනයේ මේ වන විට වැඩි අවධානයක් දිනාගෙන ඇති විජේගේ අත් සංඥාව, ඉන්දීය රාෂ්ට්‍රීය ස්වයංසේවක් සංගමයේ (RSS) ධජයට ආචාර කරන ඉරියව්වකට සමාන කරමින් DMK පක්ෂය නව දේශපාලන විවේචනයක් එල්ල කර තිබේ.

ජත්‍යන්තර පුවත් සේවයන් වාර්තා කරන පරිදි, DMK පක්ෂයේ තොරතුරු තාක්ෂණ අංශය බදාදා (14) සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ පෝස්ටරයකින් මෙම සංසන්දනය ඉදිරිපත් කර ඇත.

එහි RSS සාමාජිකයෙකු ධජයට ආචාර කරන ආකාරය සහ විජේ සිය ප්‍රසිද්ධ අත් සංඥාව සිදු කරන ආකාරය නිරූපණය කරන රූප දෙකක් ඇතුළත් කර තිබේ.

මෙම අත් සංඥාව මුලින්ම අවධානයට ලක්වූයේ තමිල්නාඩු හිටපු මහ ඇමති එම්. කේ. ස්ටාලින් හරහාය. 2026 මාර්තු මාසයේදී චෙන්නායිහි DMK පක්ෂ මූලස්ථානයෙන් පිටතට පැමිණි අවස්ථාවක, ආසන බෙදාගැනීමේ සාකච්ඡා අවසන් වී තිබේදැයි මාධ්‍යවේදීන් විමසූ විට ස්ටාලින් සිය අතින් සංඥාවක් සිදු කර තිබුණි.

එමඟින් අදාළ කටයුත්ත අවසන් බව හඟවා ඇති බව වාර්තාවේ සඳහන් වේ. පසුව, ජුනි මාසයේදී තමිල්නාඩු මහ ඇමතිවරයා බවට පත්ව සිටි විජේ ද ප්‍රාන්ත ව්‍යවස්ථාදායක සභාවේ විවාදයක් අතරතුර එම අත් සංඥාව නැවත සිදු කළේය.

ඒ වන විට DMK මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගොස් සිටි අතර, කථානායකවරයාගෙන් අවසර ඉල්ලා විජේ එම ඉරියව්ව නිරූපණය කර තිබේ.

එම සිදුවීම සභාව තුළ සිටි පිරිස අතර ප්‍රතිචාර ඇති කළ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ද වේගයෙන් ප්‍රචාරය විය. විජේගේ තමිළග වෙට්‍රි කලගම් (TVK) පක්ෂය එය සැහැල්ලු සිදුවීමක් ලෙස විස්තර කර තිබුණි.

“ගාසා තීරයේ සිදුවූයේ ජන සංහාරයක්” - කටාර් එමීර්වරයාගෙන් දැඩි ප්‍රකාශයක්

“ගාසා තීරයේ සිදුවූයේ ජන සංහාරයක්” - කටාර් එමීර්වරයාගෙන් දැඩි ප්‍රකාශයක්

කෙසේ වෙතත්, ස්ටාලින් එම සංඥාව සිදු කළ අවස්ථාවේදී එවකට ප්‍රධාන විපක්ෂය වූ AIADMK පක්ෂය එය විවේචනය කර තිබූ අතර, විජේ එය නැවත සිදු කළ පසු DMK පක්ෂය ද ඔහු විවේචනය කර ඇත. මෙවර DMK පක්ෂය එම සංඥාව RSS සංවිධානයේ ‘ධජ ප්‍රණාම්’ (Dhwaj Pranam) ආචාර ඉරියව්වට සම්බන්ධ කර තිබේ.

RSS සංවිධානයේ මෙම ආචාර ක්‍රමයේදී පුද්ගලයෙකු කෙළින් සිටගෙන, දකුණු අත පපුවේ මැද කොටසට ආසන්නව තබාගෙන, අත්ල පහළට යොමු කරමින් හිස මඳක් නැමීම සිදු කරයි.

විජේගේ TVK පක්ෂයට BJP පක්ෂයේ සහායක පාර්ශ්වයක් ලෙස කටයුතු කරන බවට ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් මීට පෙර ද චෝදනා එල්ල කර තිබේ.

මෙවර පළ කළ පෝස්ටරය තුළින් DMK පක්ෂය විජේව RSS සංවිධානයේ “හදාගත් දරුවෙකු” ලෙස හඳුන්වා දී ඇත. මේ අතර, විජේගේ ආධාරකරුවන් අතර මෙම අත් සංඥාව තවදුරටත් ජනප්‍රිය වී ඇති අතර, එය පක්ෂයේ දේශපාලන රැස්වීම්වලදී ද දක්නට ලැබේ.

තමිල්නාඩු අමාත්‍ය අරුන් රාජ් ද මෑතකදී රජයේ වෛද්‍ය විද්‍යාලයක වෛද්‍ය අධ්‍යාපනයට සූදානම් වන සිසුන් පිරිසක් එම අත් සංඥාව අනුකරණය කරන වීඩියෝවක් පළ කර තිබුණි.

ඒ අනුව, දේශපාලන සාකච්ඡාවක් අවසන් බව හැඟවීමට භාවිත කළ අත් සංඥාවක් මේ වන විට විජේගේ අනන්‍යතාව සමඟ බැඳුණු ජනප්‍රිය ඉරියව්වක් බවට පත්ව ඇති අතර, එය තමිල්නාඩු දේශපාලන පක්ෂ අතර නව විවාදයකට ද හේතු වී තිබේ.  

Apple සමාගමෙන් නිවසම වෙනස් කරන නවතම ගැජට් එක එයි - 'HomeView' ස්මාර්ට් උපාංගය මෙන්න

Apple සමාගමෙන් නිවසම වෙනස් කරන නවතම ගැජට් එක එයි - 'HomeView' ස්මාර්ට් උපාංගය මෙන්න