ශ්රී ලංකා රේගුව රටම පුදුම කරයි - බිලියන ගාණක සුපිරි ආදායමක්
2026 වසර වෙනුවෙන් නියම කර තිබූ දැවැන්ත ආදායම් ඉලක්කය සාර්ථකව ජයගැනීමට ශ්රී ලංකා රේගුව සමත්ව ඇත.
ඒ අනුව වසර නිමාවීමට තවත් මාස දෙකහමාරකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී, ඊයේ (13) දින වන විට මෙම සන්ධිස්ථානය පසු කිරීමට රේගු දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව 2026 වසරේ නියමිත ආදායම් ඉලක්කය: රුපියල් බිලියන 2,207ක් වන අතර ඊයේ (13) විට ලැබූ සමස්ත ආදායම: රුපියල් බිලියන 2,208ක් ලෙස සඳහන්.