තට්ටු 3ක ගොඩනැගිල්ල ඇස් ඉදිරියේම ගහගෙන ගිය හැටි. - (VIDEO)
Landslide In Sri Lanka
Weather
By Wayomi
මහනුවර, ගලගෙදර දහවන කණුව ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක් නාය යෑමට ලක්වී හදිසියේ කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.
මහනුවර-කුරුණෑගල ප්‍රධාන මාර්ගය අසල පිහිටි මෙම ගොඩනැගිල්ල මාර්ගයෙන් පසෙකට වන්නට බෑවුමක ප්‍රමිතියෙන් තොරව ඉදිකර තිබෙනවා.
පවතින අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ගොඩනැගිල්ල පිහිටි බිම් කොටස නාය යෑමට ලක්ව කඩා වැටෙන ආකාරය මෙම වීඩියෝවෙන් දකින්න ලැබෙනවා.
කෙසේ නමුත් නායයෑම් අවදානම සහිත ප්‍රදේශවල ගොඩනැගිලි ඉදිකිරීමේදී විශේෂ ඉංජිනේරුමය සැලසුම් අනුගමනය කළ යුතුවීමත්,ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් නිසා ජීවිත හා දේපළ හානි සිදුවිය හැකි බවත් තරයේ අවධාරණය කළ යුතු කරුණකි.