දැවැන්ත නායයෑමකින් පුද්ගලයින් 300 ක් මරුට..නිවාස 1000 කට අධික සංඛ්‍යාවක් යට වෙයි..(PHOTOS)
දරුණු නායයෑමකින් පුදගලයින් 300ට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
මෙලෙස දරුණු නායයෑමක් සිදුව ඇත්තේ, පැපුවා නිව්ගිනියාවේ හුදකලා වූ එන්ගා පළාතේ බවයි වාර්තා වන්නේ.
ඉන් නිවාස 1000 කට අධික සංඛ්‍යාවක් යටවී විනාශ වී ගොස් ඇති බව ද සඳහන්.
පසුගිය සිකුරාදා අළුයම 03.00 ට පමණ මෙම නායයෑම සිදුවනවිට ජනතාව නින්දේ පසුවී තිබෙන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
කෙසේවෙතත් පීඩාවට පත් ගම්මාන වෙත ළඟා වීමට හදිසි සේවාවන්ට දුෂ්කර වී ඇති බැවින් සහන සේවා කටයුතු තවදුරටත් පමාවන බවයි පැවසෙන්නේ.
සුන්බුන් අතර සිරව සිටින ජනතාව සොයා සහන නිලධාරීන් කටයුතු කළත්, ප්‍රධාන මාර්ගවලට හානි වී අධිවේගී මාර්ග ප්‍රවේශය අවහිර වී ඇති නිසා හෙලිකොප්ටරයකින් පමණක් ප්‍රදේශයට ප්‍රවේශ විය හැකි බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් වෛද්‍යවරුන් සහ හමුදා නිලධාරීන්ගෙන් සැදුම්ලත් ප්‍රතිචාර කණ්ඩායම් කිහිපයක් හුදකලා වූ නාය ගිය ස්ථානයට ළඟා වීමට සමත් ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.