කුණු කන්දක් කඩා වැටී තරුණියක් මරුට - 38ක් අතුරුදන්
පිලිපීනයේ දැවැන්ත කුණු කන්දක් කඩා වැටීමේ අනතුරකදී 22 හැවිරිදි තරුණියක් මියගොස් ඇති අතර, පුද්ගලයින් 38 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරට පත් වූ අය අතර බොහෝ දෙනෙකු කුණු කන්දේ සේවකයෝ වන බව එරට නිලධාරීන් සඳහන් කර සිටී.
කෙසේ වෙතත්, මෙම කුණු කන්ද කඩා වැටීමට හේතුව තවමත් තහවුරු වී නැති බව වාර්තා වේ.