හාලිඇල ප්‍රදේශයේ නායයෑමක්. - පවුල් 10 ක් වැටුණු අවදානමක්.
By Wayomi
අද( 20) දහවල් හාලිඇල ස්ප්‍රීන්වැලිවත්ත අංක පහ කොටස ප්‍රදේශයේ නායාමක් සිදුව තිබෙනවා.
මේ හේතුවෙන්, එහි අවදානම් කලාපයේ පදිංචි පවුල් දහයක් ආරක්ෂිත පියවරක් වශයෙන් ඉවත් කිරීමට බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තීරණය කළා.
ස්ප්‍රීන්වැලි වත්ත අංක 5 කොටසේ අංක හතර නිවාස පේළියේ පදිංචිව සිටි පවුල් 10ක් මෙලෙස ඉවත් කර ඇති අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එම ස්ථානය පරීක්ෂාකිරීමට නියමිතයි.
ඒ, අනුව එම ආයතනය ලබා දෙන නිර්දේශයන් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් කියා සිටියේ.