ජනපති හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට.. සමාජ මාධ්ය කළඹන පුවත ගැන ජනාධිපති මාධ්ය අංශයෙන් දැනුම්දීමක්
ජනපති හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවට පළ වන පුවත සාවද්යය බවට ජනාධිපති මාධ්ය අංශය දැනුම් දී ඇත.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන පුවත සාවද්ය බවට ජනාධිපති කාර්යාලය දැනුම් දෙන බව සඳහන්.
එමෙන්ම මෙවැනි අසත්ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, නිල තොරතුරු තහවුරු කර ගැනීමකින් තොරව ඒවා හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.