දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.
කොළඹදී අද (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ නායයෑමේ සලකුණු සහිත ස්ථානයක් වේ නම් වහාම අදාළ බලධාරීන් දැනුම්වත් කරන ලෙසය.
නිවාස අසල නිර්මාණය කරන ලද කණ්ඩි පවතී නම් නායයෑමේ ලක්ෂයක් නිරීක්ෂණය වුවහොත් ඒ පිළිබඳ ජනතාවට දැඩි විමසිලිමත්භාවයෙන් කටයුතු කරන ලෙස ඒ මහතා දැනුම්දෙයි. "පසුගිය දින කිහිපය තුළ ලැබුණු වර්ෂාපතනය සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ දින සවස 6ට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කළේය.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර දෙක යටතේ, අවදානයෙන් සිටීමේ නිවේදනය නිකුත් කරනු ලැබුවා.
මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, අල්පිටිය සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, ගඟ ඉහළ කෝරළය, හාරිස්පත්තුව, ගඟ වට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, අරණායක සහ බුලත්කොහුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත්, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ නුවරඑළිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ, වැලිගපොළ, ඇහැළියගොඩ, රත්නපුර, කලවාන, කහවත්ත සහ හිඹුරුපේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර 1 යටතේ, විමසිලිබවෙන් සිටින නිවේදන නිකුත් කරනු ලැබුවා.




