පොළොන්තලාව ගොවිපළේ ඉඩමක් ජෙෆ්රි බාවා පදනමට...
By Parami Dissanayake
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොලොන්තලාව ගොවි පොළෙහි ඉඩම් කොටසක් ජෙෆ්රි බාවා පදනම වෙත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ සුප්‍රකට වාස්තු නිර්මාණ ශිල්පියකු වන දේශමාන්‍ය ජෙෆ්රි බාවා මහතා විසින් මෙම ගොවිපොළෙහි කළමනාකාර නිල නිවස නිර්මාණය කර ඇත.
ජෙෆ්රි බාවා පදනම විසින් එම නිල නිවස සහ එය පිහිටි අක්කර 5ක පමණ ඉඩම් කොටසක් බදු පදනම මත ලබා දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, පොලොන්තලාව ගොවිපොළෙහි කළමනාකාර නිල නිවස සහ එම නිල නිවස පිහිටි අක්කර 5ක ඉඩම් කොටසක් බදු පදනම මත ජෙෆ්රි බාවා පදනම වෙත ලබා දීමට කෘෂිකර්ම සහ වැවිලි කර්‌මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.